ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්, වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරං.. පුද කෙරූ ආදරේ ඔය හිතෙන් නොම අරන්, ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම්, ආදරෙයි තාම මං... රෝස මල් හිනාවේ මතක මා සුරකිමී.. දෑස ළං උනාවේ තාම ඒ පෙර වැනී.. මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී, බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑ වී... අමාවක රැයක් සේ හිත හඬයි පාලු වී.. බලා ඉමි හෙටත් මා ඔබ පතා සඳවතී.. හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී, දුර උනත් නිම් නොවෙ ආදරේ හිත පිරී... ගායනය : සමන් ඉන්දික
දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ.. සිහිනෙන් වගේ ඇවිදින් ගියා ඒ රෑයේ.. නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ.. සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ.. බොද වෙන්නෙපා දැන් ඔබේ ඇන්ද සිතුවම් හදේ.. පන්හිදට හුරුවී කිවි ලිව්වා මා මුලු රැයේ... ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ළයේ... එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා.. සද රේණු අතුරා ගිණිදැල්වු අපෙ යහන මේ.. තුරුලේ හොවා මා අදුරේ කියූ ආදරේ.. මිණි මුතු එපා දැන් ඔය දෑස මාගේ ජීවිතේ..ප්‍රියේ.. එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...